FAST NEWS

24×7 Around the Globe

IDH රෝහලට දින 10ක් තුළ නිම කල ගොඩනැගිලි දෙකක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරස් ව්‍යාප්තියත් සමඟ අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ (IDH) නේවාසික රෝගීන් වෙනුවෙන්, ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉදිකළ ගොඩනැගිලි දෙක භාර දුන්නේය.

මෙම ගොඩනැගිලි ද්විත්වය ඉදිකිරීම පසුගිය 18 වැනි දා ආරම්භ කළ අතර, එහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතව තිබුණේ දින 14කින් ය.

කාමර 16 කින් යුතුව ඉදිකළ මෙම ගොඩනැගිල්ල දින 10ක් වැනි කෙටි කාලයක් තුළ ඉදිකිරීම් අවසන් කර විවෘත කිරීමට හැකිවීම විශේෂත්වයකි.