FAST NEWS

24×7 Around the Globe

අප්‍රේල් 3 වනදා සිට විශ්‍රාම වැටුප් හා මාසික වැඩිහිටි දිමනා නිවසටම

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අනුමැතිය යටතේ විශ්‍රාමිකයින් හා වැඩිහිටියන් සඳහා  වැටුප් හා ගෙවිම් දිමනා  නිවෙස්වලටම ලබා දිමේ වැඩ පිළිවෙලක් ලබන මස 3 වැනිදා සිට ක්‍රියාත්මක කිරිමට නියමිතයි.

එමෙන්ම රාජ්‍ය සේවකයින් සඳහා වාර්ෂික උත්සව අත්තිකාරම් දිමනාව ලබා දිමටත් , සමෘද්ධි පවුල් විසි තුන් ලක්ෂයකට මුලික දිමනාවක් වශයෙන් රුපියල් 5000 දිමනාවක්ද , අබාධිත දිමනාව නොලබන පොරෝත්තු ලේඛණයේ සිටින අබාධිත අයටද අදාළ දිමනාව ලබා දිමටත් ජනාධිපතිතුමාගේ  හා අග්‍රාමාත්‍යතුමාගේ අනුමැතිය හිමිවි තිබේ.

මේ බව අත්‍යාවශ්‍ය සේවාවන් පිළබදව ජනාධිපති කාර්ය සාධණ බලකාය ප්‍රධානි බැසිල් රජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) අරලිය ගහ මන්දිරයේ පැවති රැස්විමේදි අනාවරණය විය.