FAST NEWS

24×7 Around the Globe

කොරෝනා පිලිබඳ නිල තොරතුරු පමණක් විශ්වාස කරන්නැයි ජනතාවගෙන් ඉල්ලිමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසය ව්‍යාප්තිය සම්බන්ධයෙන් නිල වශයෙන් නිකුත් කරන තොරතුරු පමණක් විශ්වාස කරන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසය ජනතාවට දැනුම් දී තිබේ.

එම කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ කොරෝනා වෛරස ව්‍යාප්තිය, රෝගීන් ගණන හා සුව වු තැනැත්තන් ගණන ආදි තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ‍ජෙනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් හෝ කොරෝනා ‍මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය මඟින් පමණක් නිල වශයෙන් නිවේදනය කරනු ලබන තොරතුරු විශ්වාස කරන ලෙසයි.

ව්‍යාජ තොරතුරු පැතර විම අපරාධ නීතිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස ද මහජනතාවට දැනුම් දී ඇත.