FAST NEWS

24×7 Around the Globe

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පිරිස 5386ක් දක්වා ඉහලට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇඳිරිනීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් දිවයිනපුරා  පුද්ගලයන් 5386 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ වාහන 1358ක් ද එම කාලසීමාව තුළ අත්අඩංගුවට ගත් බවයි.

අද උදෑසන 6 සිට දහවල් 12 දක්වා ගත වූ පැය 6 තුළ පුද්ගලයින් 201ක් සහ වාහන 65ක් අත්අඩංගුවට ගෙන තිබුණි.