FAST NEWS

24×7 Around the Globe

හෝමාගම රෝහලේ කොරෝනා නසන්න රොබෝ යන්ත්‍රයක් [PHOTO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන කොරෝනා සැක රෝගීන්ගේ දෛනික කටයුතු රොබෝ යන්ත්‍රයක් හරහා සිදුකිරීමට කටයුතු ක්‍රියාවට නංවා ඇත. 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය ආරම්භකර තිබේ.

මෙම රොබෝ යන්ත්‍රය සම්පූර්ණයෙන්ම දේශීය නිෂ්පාදනයක් වන අතර ඒ සඳහා ඇට්ලස් ආයතනය අනුග්‍රහය දක්වා ඇත.

පැය 24 ක් තුල සවි කර ඇති මෙම  රොබෝ යන්ත්‍රය හරහා සිය දෙනෙකු යොදවා ලබා ගන්නා සේවාවන් ඉටු කරවා ගත හැකි අතර ,

ඒ අතර රෝගීන්ට ආහාර පාන හා ඖෂධ ලබාදීම ,රෝගියාගේ පණිවුඩ වෛද්‍යවරයාට ලබා දීම වෛද්‍ය වරයාගේ පණිවුඩ රෝගියාට ලබාදීම වාට්ටුවෙන් වාට්ටුවට හා රෝගියාගෙන් රෝගියා ළඟට ගමන් කිරීම ඇතුළු සේවාවන් රැසක් ඉටුකර ගැනීමේ හැකියාව පවතී.

මෙම කාර්යය පරිගණක පද්ධතියක් හරහා සිදුවන අතර  ඊට අදාළ දත්ත යොමු කිරීමත් සමඟ සේවා ලබා ගැනීමට හැක.

එසේම මෙම රොබෝ යන්ත්‍රය භාවිතා කිරීමෙන් කොරෝනා වෛරසය පැතිරීමට ඇති අවස්ථා මඟ හැරෙනා අතර ප්‍රතිකාර සඳහා යොමුවන කාර්ය මණ්ඩලයට වැය වන අමතර මුදල් ඉතිරි කර ගැනීමටත් හැකියාව පවතියි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනිල් ජාසිංහ මහතා පැවසුවේ මෙවන් රොබෝ යන්ත්‍ර 50 හැකි ඉක්මනින් රජයට ලබා ගෙන කොරෝනා වෛරසයට ප්‍රතිකාර කෙරෙන රෝහල් සඳහා ලබාදීමට පියවර ගන්නා බවයි.