FAST NEWS

24×7 Around the Globe

කොරෝනා මැඩීමට අමෙරිකාවෙන් ලංකාවට ඩොලර් ලක්ෂ 13 ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අමෙරිකාව විසින් නව කොරෝනා වසංගතය මැඩලීමට ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 1.3 ක මූල්‍ය සහනාධාර දීමට තීරණය කර තිබේ.

වසංගතය වැඩි වශයෙන් බලපෑම් කරනු ඇතැයි සැළකෙන රටවල් 64 කට ඩොලර් මිලියන 274 ක පරිත්‍යාග කිරීමට සූදානම් බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

මෙමඟින් රසායනාගාර පහසුකම් වැඩිදියුණු කිරීම , ආසාධිතයන් තහවුරු කරගැනීම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම , තාක්ෂණික සහය සහ විශබීජ හරණය සඳහා මෙම මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට නියමිතව ඇත.

අමෙරිකාව විසින් ගතවූ වසර 20 ක කාලය තුළ ශ්‍රී ලංකාවේ විවිධ කටයුතු වෙනුවෙන් පිරිනමා ඇති මුදල ඩොලර් බිලියනයකට අධිකයි.

ඉන් ඩොලර් මිලියන 26 කට වැඩි මුදලක්ම වෙන් කර ඇත්තේ සෞඛ්‍ය පහසුකම් නංවාලීම වෙනුවෙනුයි.