FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනාධිපති මහින්ද නැවතත් ජනාධිපති කොමිසම හමුවට කැඳවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහා පරිමාණ වංචා සහ දූෂණ සම්බන්ධ ජනාධිපති කොමිසම හමුවට යළි කැඳවා තිබෙනවා.

ලබන 15 වනදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙසයි මහින්ද රාජපක්ෂට දැනුම් දී ඇත්තේ.මීට පෙරද හිටපු ජනාධිපතිවරයාගෙන් අදාළ කොමිසම ප‍්‍රකාශයක් සටහන් කරගත්තේ මිරිහානේ පිහිටි නිවසේදී.ඒ ඉකුත් ජනාධිපතිවරණ සමයේ සිදු කළ ප‍්‍රචාරණ කටයුතුවලට අදාළ මුදල් ගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු විමසීමටයි.

එම සිද්ධියට අදාළව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත්ගෙන්ද කරුණු විමසුවා.එහිදී ඔහු ලබාදුන් ප‍්‍රකාශය පිළිබඳ තවදුරටත් කරුණු විමසිමට මහින්ද රාජපක්ෂ කොමිසම හමුවට කැඳවා තිබෙනවා