FAST NEWS

24×7 Around the Globe

අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයට බලපත්‍ර ලබා දීමට අගමැතිගෙන් උපදෙස්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇඳිරි නීති සමය තුළ එළවළු, පළතුරු සහ පොල් ඇතුළු ආහාර ද්‍රව්‍ය මැනිං වෙළෙඳපල ඇතුළු සියලු ආර්ථික මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කරන වාහන සඳහා අවශ්‍ය අවසර ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න වෙත උපදෙස් ලබා දී තිබේ.