අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පස් දින නිල සංචාරයක් සඳහා ජපානය බලා අද පිටත්ව යාමට නියමිතයි. ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගෙන් පසු මෙරට රාජ්‍ය නායකයෙකුව හරසරින් පිළිගැනීමට ජපාන රජය සූදානම් වන බව එරට මාධ්‍ය ඊයේ වාර්තා කර තිබුණා.
ශ්‍රී ලංකාවෙන් පිටත්වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ 4 වනදා කියතෝ නුවරට ළඟාවීමට නියමිතයි.මෙහිදී ජාත්‍යන්තර විද්‍යා හා තාක්ෂණ සමුළුව ඇමතීමට නියමිතව තිබෙනවා.
ලෝකයේ බොහෝ රටවල රාජ්‍ය නායකයින් මෙම සමුළුවට සහභාගි වන අතර ඉන් අනතුරුව නැවත ටෝකියෝ බලා පැමිණෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජපන් රාජ්‍යය හා රාජ්‍ය නොවන සංවිධාන ගණනාවක ප්‍රධානීන් හා සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙන බව වාර්තා වනවා.
ජපාන අග්‍රාමාත්‍යවරයා හා ජපාන අධිරාජ්‍යයා ද හමුවන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාව සම්බන්ධ වැදගත් ද්විපාර්ශ්වික ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබීමට සූදානමින් සිටින බවයි වාර්තා වන්නේ.
අග්‍රාමාත්‍යවරයාගේ ජපාන සංචාරය එරට මාධ්‍යයේ උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබෙනවා.එරට සමහර මාධ්‍ය වාර්තා කර ඇත්තේ ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගෙන් පසු සිදු වන ඉතාම වැදගත් ශ්‍රී ලංකා දේශපාලනඥයෙකුගේ සංචාරය මෙය වන බවයි.අග්‍රාමාත්‍යවරයා පිළිගැනීම සඳහා ජපාන රජය විශේෂ සූදානමකින් සිටින බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.







