FAST NEWS

24×7 Around the Globe

ඇඳිරි නීතිය කඩකළ පිරිස පන්දහස ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොලීසිය විසින් ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 5185දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කරණ ආකාරයට ඊයේ(27) උදෑසන 6.00යේ සිට අද(28) උදෑසන 6.00 දක්වා ගත වූ පැය 24ක කාලය තුළ පමණක් පුද්ගලයින් 1167 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එම කාලය තුළ රථවාහන 260ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

පසුගිය 20 වනදින පස්වරු 6.00 සිට අද උදෑසන 6.00දක්වා කාලය තුළ තුළ පමණක් රථවාහන1293ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.