FAST NEWS

24×7 Around the Globe

පොලිස් මාර්ග බාධක 900 ක් දක්වා ඉහළ දමයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇති සමයේ දිවයිනම ආවරණය වන අයුරින් ස්ථාපිත කර තිබූ පොලිස් මාර්ග බාධක සංඛ්‍යාව 900 දක්වා ඉහළ දමා ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය. 

මේ අතර, ඊයේ (27) පස්වරු 6.00 ට අවසන් වූ කාලසීමාව තුළ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 4559 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබුණි.

මීට අමතරව හොරොව්පතාන – කිවුලේකඩ ප්‍රදේශයේ දේව මෙහෙයක් පවත්වමින් සිටි පුද්ගලයින් 80 දෙනෙකු අතුරින් 18 දෙනෙකු පොලීසිය ඊයේ අත්අඩංගුවට ගත් අතර , පසුව ඔවුන් ඇප මත මුදා හැරීමට කටයුතු කර තිබේ.