FAST NEWS

24×7 Around the Globe

සෑම කොට්ඨාශයකම දිනකට එක් බැංකුවක් විවෘතයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇදිරි නීතිය බල පැවැත්වෙන ප්‍රදේශවල සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයකම එක් බැංකුවක් දිනකට නිශ්චිත පැය ගණනක් විවෘත කර තැබීමට අත්‍යවශ්‍ය සේවාවන් පිළිබද ජනාධිපති කාර්ය සාධන බලකාය තීරණය කර තිබේ.

එහි ප්‍රධානි බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (27) පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාවයට පැමිණ ඇත.

මෙම සාකච්ඡාවට බැංකු හා මූල්‍ය කේෂත්‍ර සම්බන්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ප්‍රධානින් එක්ව සිටියේය.

ජාත්‍යන්තර ගණුදෙනු සදහා සියලු වාණිජ බැංකුවල රාජකාරීය අඛන්ඩව පවත්වාගෙන යාම , චෙක්පත් නිශ්කාෂක කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාම , ATM යන්ත්‍ර නිසි පරිදි පවත්වාගැනිම ,හා ATM ජංගම සේවා පැවැත්විමේ හැකියාව සම්බන්ධයෙන්ද මෙහිදි අවධානය යොමුව තිබේ.

අවම සේවක පිරිසකගේ සහභාගිත්වයෙන් බැංකු ශාඛා වල සේවය අඛන්ඩව පවත්වාගෙන යාම සම්බන්ධයෙන්ද මෙහිදී පුලුල් අවධානයක් යොමු වූ බව අත්‍යවශ්‍ය සේවාවන් පිළිබද ජනාධිපති කාර්ය සාධන බලකාය සදහන් කළේය.