FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා ආසාධිතයන්ගෙන් 33 % ක්ම අවුරුදු 41 – 50 ත් අතර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් දැනට හඳුනාගෙන ඇති නව කොරෝනා වෛරස් ආසාධිතයන්ගෙන් 33 % ක් එනම් 1/3 ක් වයස අවුරුදු 41 ත් 50 ත් අතර වියෙහි පසුවන්නන් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 

කොරෝනා ආසාධිතයන් 106 දෙනා අතුරින්  68 %  පුරුෂයන් බවත් ඒම විද්‍යා අංශය ප්‍රකාශ කරයි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 25 ක්ද කලුතර දිස්ත්‍රික්කයෙන් 15 ක්ද ගම්පහින් 10 දෙනෙකුද වාර්තා වී අැත.

මින් ෙරා්ගීන් 99 දෙනෙකු අයි. ඩී. එච් රෝහලේ ප්‍රතිකාර ගනු ලබයි.