FAST NEWS

24×7 Around the Globe

ඇඳිරි නීති නියෝග තරයේ ක්‍රියාත්මක කිරීමට රජයෙන් නියෝග

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රජය විසින් දැන් රට පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය අකුරටම පිළිපදින ලෙස ජනතාවට දැනුම් දෙයි.

ඉතා බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කරනු පිණිස මෙලෙස ඇඳිරි නීතිය පනවා ඇත.

ඇඳිරි නීති කාලය තුළ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකි වන පරිදි නොකඩවා සැපයීමට, අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමේ කළමනාකරණය භාර කාර්ය සාධක බලකාය සියලු විධිවිධාන සලසා ඇත.

ඇඳිරි නීති කාලය තුළ කිසිවකු සිය අභිමතයට මාර්ගවලට පැමිණීම නොකළ යුතුය.

කාර්ය සාධක බලකාය විසින් අවසර දී ඇති ඩිලිවරි වාහන පමණක් මාර්ග වල ධාවනය කිරීමට පිළිවන. අන් කිසිඳු වාහනයක් ඇඳිරි නීති බලපත්‍රයක් නොමැතිව ධාවනය නොකළ යුතුය.

දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන් තහනම් කර ඇත.

විදේශීය සංචාරකයන් තැනින් තැනට ගෙනයාම මුළුමනින් තහනම් වෙයි.

කුමන දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩ, කුඩා තේ වතු ඇතුළු වැවිලි වගා වැඩ සහ ධීවර කර්මාන්තයට අවසර ඇත.

ගුවන් තොටුපොළ සහ වරාය සේවා පවත්වාගනෙ යනු ලැබෙයි.

පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව ඇඳිරි නීති රෙගුලාසි තදින්ම ක්‍රියාත්මක කළ යුතුය.