FAST NEWS

24×7 Around the Globe

වෙලේ සුදාට සහ මොහොමඩ් සියාම්ට බන්ධනාගාරයට මුදල් රැගෙන ගිය අයෙක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බන්ධනාගාරයට සැකකටයුතු ලෙස රැගෙන ආ මුදල් තොඟයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු බන්ධනාගාර ගතව සිටින වෙලේ සුදා සහ මොහොමඩ් සියාම් නමැති සැකකරුවන්ට ලබාදීම සඳහා මෙම මුදල් රැගෙන ආ බව වාර්තා වේ.

බූස්ස බන්ධනාගාර නිළධාරින් සිදු කළ වැටලීමකදී බන්ධනාගාරප්‍රධාන පිවිසුම අසලදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් විශේෂ කාර්යය බලකායසදහන් කළේය.

එහිදී සැකකරු සතුව තිබූ රුපියල් එක් ලක්ෂ 50,000ක මුදල්සොයාගෙන ඇති බව  සදහන්.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සදහා රත්ගමපොලිස් ස්ථානයට භාරදී  ඇත.