FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමෙරිකාව ගෙනා ජිනීවා යෝජනාව සම්මත වෙයි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක මූලිකත්වයෙන් ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්‌ඩලයට ගෙන ආ යෝජනාව ඡන්ද විමසීමකින් තොරව ඊයේ (01 වැනිදා) සම්මත විය.

ඡන්ද විමසීමක්‌ අවශ්‍යදැයි සභාපතිවරයා මෙහිදී විමසූ අවස්‌ථාවේදී ඊට කිසිදු ප්‍රතිචාරයක්‌ නොවීය.

අදාළ යෝජනාව සම්මත වීමට පෙර එක්‌සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මහතා සභාව අමතමින් පැවසුවේ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ දැනුම හා උදව් ඇතිව ශ්‍රී ලංකාව මෙම දේශීය පරීක්‍ෂණ කටයුතු ඉටුකරන බවයි.

සිංහල දෙමළ හා මුස්‌ලිම් ජනයාට ශ්‍රී ලංකාවේ ජීවත්වීම සඳහා වන සංහිඳියාව, යුක්‌තිය හා සාධාරණය ඉෂ්ට කරන බවත් ඔහු කීවේය.