FAST NEWS

24×7 Around the Globe

නිරෝධායනය වූ තෙවන කණ්ඩායමත් අද නිවෙස්වලට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද(26) දිනයේ විදෙස් රටවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකර සිටි තවත් පිරිසක් සිය නිවෙස් වෙත පිටත් කර හැරීමට නියමිතව තිබේ.

163 දෙනෙකු අද දිනයේ නිවෙස්වලට පිටත් කර හැරීමට නියමිත බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේය.

මේ වන විට නිරෝධායනයට ලක්වු පුද්ගලයින් 512 දෙනෙකු සිය නිවෙස් වෙත පිටත් කර හැරීමට කටයුතු කර තිබේ.

තවත් තුන්දහසකට ආසන්න පිරිසක් නිරෝධායන මධ්‍යස්ථානවල රැදි සිටින බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේය.