FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ගැන තවත් අනාවරණයක්

(ෆාස්ට් නිව්ස් |ඉතාලිය) – නව කොරෝනා වෛරසයේ වැඩි බලපෑම කාන්තා පාර්ශවයට වඩා පුරුෂ පාර්ශවය වෙත එල්ලවී ඇති බව නවතම අධ්‍යනයකින් අනාවරණය වී ඇත.

ඉතාලියේ විද්‍යාඥයින් පිරිසක් සිදුකළ සමීක්ෂණයකදී මේ බව හඳුනා ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

සිදු කල සමීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ ආසාදිතයින්ගෙන් සියයට 60ක් පුරුෂයන් වූ අතර මියගිය පිරිසෙන් ද සියයට 70ක්ම පුරුෂයින් බවයි.

ඊට හේතුව වී ඇත්තේ කාන්තාවන්ට වඩා පුරුෂයන් මත්පැන් පානයකිරීම, දුම්පානය වැනි කරුණු හේතුවෙනි.

මත්පැනට සහ දුම්පානයට යොමු වූ පිරිමින්ගේ ශරීර ප්‍රතිශක්තියෙන් අඩු නිසා මෙම තත්ත්වය උග්‍ර වී ඇති බවද ඔවුන් හඳුනා ගෙන තිබේ.