FAST NEWS

24×7 Around the Globe

නිරෝධායනය වූ පළමු කණ්ඩායම අද මුදා හැරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාවෙන් මෙරටට පැමිණ දින 14ක කාලයක් නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වූ පළමු කණ්ඩායම අද මුදා හැරෙනු ඇත.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම පිරිස මුදාහැරෙන අතර , ඊට පුද්ගලයින් 350 දෙනෙකු ඇතුළත් වෙයි.

නිරෝධායන මධ්‍යස්ථාන 45 කදී පුද්ගලයින් 3518 දෙනෙකු නිරෝධායනයට ලක් කර තිබෙන අතර , ඔවුන්ගෙන් 31 දෙනෙකු පමණක් කොරෝනා ආසාදිතයින් බවට හඳුනාගෙන තිබේ.