FAST NEWS

24×7 Around the Globe

උතුරේ දිස්ත්‍රික්ක 05ක ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මන්නාරම, වව්නියාව, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය යන උතුරු පළාතේ දිස්ත්‍රික්ක 5 තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය අනිද්දා උදෑසන 6 දක්වා දීර්ඝ කර තිබේ.

ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ මෙම දිස්ත්‍රික්කවලට උදෑසන 6ට ඉවත් කෙරෙන ඇදිරි නීතිය දහවල් 2ට යළි පනවන බවයි.

මෙම දිස්ත්‍රික්ක පහේ වෙසෙන ජනතාවට තමන් අයත් දිස්ත්‍රික්කයෙන් පිටතට ගමන් කිරීම තහනම් කර ඇත.

ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේ පසුගිය දිනවල උතුරේ චාරිකා කළ ස්විට්සර්ලන්තයෙන් පැමිණි කොරෝනා වෛසරසය ආසාදිත දේවගැතිවරයා හමුවූ සහ ඇසුරු කළ සියළු දෙනා හදුනා ගන්නා තෙක් මෙම ගමන් තහනම ක්‍රියාත්මක බවයි.