FAST NEWS

24×7 Around the Globe

ඇදිරි නීතිය උල්ලංඝනය කල 300කට ආසන්න පිරිසක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 291 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

පසුගිය සිකුරාදා පස්වරු 6.00 සිට අද(22) උදෑසන 6.00 දක්වා කාලය තුළ දිවයිනේ විවිධ පොලිස් ස්ථාන මගින් එම පිරිස් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මූලස්ථානය නිවේදනය කළේ මහමාර්ගයේ නිකරුණේ ගැවසීම සම්බන්ධයෙන් ඉන් වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඊට අමතරව වාහනවලින් මාර්ගයේ ගමන් කිරීම, වෙළෙඳාම් කිරීම, ක්‍රීඩා පිටියක පිරිසක් වශයෙන් රැස්ව මත්පැන් පානය කිරීම සහ බීමත්ව මාර්ගයේ අශෝභන ලෙස හැසිරීම යනාදි කරුණු මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.