FAST NEWS

24×7 Around the Globe

නිරෝධායන සහ ඇඳිරි නීතිය කඩකරන්නන් හට වසර 2 ක සිරදඞුවම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – උද්ගතව ඇති තත්ත්වය හමුවේ නිරෝධායන සහ ඇඳිරි නීතිය කඩකරන පුද්ගලයින්ට වසර 02 ක බරපතල වැඩ සහිත සිරිදඬුවමකට සහ දඩයකට යටත් කළ හැකි බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කරයි. 

නිරෝධායන නීති උල්ලංඝණය කරන පුද්ගලයින් රටම අනතුරකට හෙළන බව කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පෙන්වා දෙයි.