FAST NEWS

24×7 Around the Globe

රත්නපුරයේ ඖෂධහල් සහ අතවශ්‍ය වෙළඳසැල් පමණක් විවෘත කරන්නැයි උපදෙස්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති ඇඳිරි නීතිය ඉවත් කළ වහාම රත්නපුර දිස්ත්‍රික්කයේ ඖෂධහල් හා අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළඳසැල් පමණක් විවෘත කිරීමට කොරෝනා වෛරස මර්ධන රත්නපුර දිස්ත්‍රික් කමිටුව තීරණය කර තිබේ.

සඳුදා (23) දිනයේ ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු මෙම වෙළදසැල් පමණක් විවෘත කරන බවට අද (21) දිස්ත්‍රික පුරා ජනතාව දැනුම්වත් කිරීම එම කමිටු වැඩසටහන මගින් සිදුකරනු ඇත.

රත්නපුර දිස්ත්‍රික් ලේකම්,නියෝජ්‍ය පොලිස්පති, පළාත් ප්‍රධාන ලේකම් සහ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මෙම කමිටුවේ සාමාජිකත්වය දරයි.