FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා ආසාධිතයන් අතර විදේශිකයන් දෙදෙනෙක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට දැනට ප්‍රතිකාර ලබන නව කොරෝනා වෛරස් ආසාධිතයන් 50 දෙනා අතර විදේශිකයන් දෙදෙනෙකුද සිටින බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 

ඒ අතරට , ඉන්දීය ජාතිකයෙකු සහ යුරෝපීය රටක පුරවැසියෙකු අයත්වන අතර ඔවුන් දෙදෙනාම කොළඹ අයි. ඩී. එච්. රෝහලේ ප්‍රතිකාර ලබන බව එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියේය.