FAST NEWS

24×7 Around the Globe

කොරෝනා මැඩලීමට අතිරේකව මිලියන 500 ක මුලදක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා ‌වෛරසය මැඩලීමට අතිරේකව රුපියල් මිලියන 500 ක මුලදක් වෙන් කර ඇති බව අමාත්‍ය බන්දුල අබේගුණවර්ධන මහතා පවසයි.  

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කැබිනට් තිරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව පැවැත්වෙන ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අවස්ථාවට එක්වෙමිනුයි.

කොරෝනා හේතුවෙන් සෘජු බලපෑම් සිදුවූ ක්ෂේත්‍ර 04 ක් හඳුනාගෙන ඇති අතර ඒවා නම් සංචාරක, රෙදිපිළි ඇඟලුම්, විදේශ සේවා නියුක්තිකයන්, සුළු පරිමාණ ව්‍යවසායකයන් බවද අමාත්‍යවරයා පැවසීය.