FAST NEWS

24×7 Around the Globe

නාමයෝජනා බාරගැනීම අද මධ්‍යහ්න 12 න් අවසන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අප්‍රේල් 25 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීම සහ ඇප මුදල් තැන්පත් කිරීමට ලබාදුන් කාලය අද (19) මධ්‍යහ්න 12.00 න් අවසන් වීමට නියමිතය. 

එම කාලය අවසන් වීමෙන් පසුව පැය එකහමාරක කාලයක් ඉදිරිපත් වූ නාමයෝජනා සඳහා විරෝධතා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

අද දිනයේ දී ප්‍රධාන දේශපාලන පක්ෂ රැසක්ම නාමයෝජනා භාරදීමට නියමිතව ඇත.