FAST NEWS

24×7 Around the Globe

පුත්තලමට සහ කොච්චිකඩේට පැනවූ ඇදිරි නීතිය තාවකාලිකව ඉවත් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා පුත්තලම දිස්ත්‍රික්කයට හා මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට පැවවූ පොලිස් ඇදිරි නීතිය අද(19) පෙරවරු 8.00 සිට තාවකාලිකව ඉවත් කෙරෙන බව පොලීසිය දැනුම් දෙයි.

ඒ අනුව නැවත පස්වරු 2.00 සිට නැවත දැනුම්දෙන තුරු ඇදිරි නීතිය ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ නාමයෝජනා ඉදිරිපත් කිරීමේ කටයුතු බාධාවකින් තොරව සිදු කිරීම සඳහා මෙම ක්‍රියාමර්ගය ගෙන ඇති බව පොලීසිය පවසයි.

කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා පුත්තලම දිස්ත්‍රික්කයට හා මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පැනවීමට ඊයේ(18) පියවර ගත්තේය.