FAST NEWS

24×7 Around the Globe

සාපෙළ ප්‍රතිඵල නිකුත් කිරීමත් කල් යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ මස 28 වන දා නිකුත් කිරීමට නියමිතව තිබූ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ප්‍රමාද විය හැකි බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ඒ කොරෝනා වෛරසය පැතිර යාමේ අවධානම හේතුවෙන් රජය දින 3ක නිවාඩුවක් ප්‍රකාශයට පත්කර ඇති බැවිනි.

උත්තර පත්‍ර පරීක්ෂා කිරීම අවසන් කර තිබුණද ප්‍රතිඵල නිකුත් කිරීමට අදාළ අනෙකුත් කටයුතු සිදුකිරීම මේ හරහා  ප්‍රමාද වන බව එම දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු පැවසීය.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය මධ්‍යස්ථාන 4,987කදී පැවැත්වූ අතර ඊට අයදුම්කරුවෝ හත්ලක්ෂ 17,008ක් පෙනී සිටියහ.