FAST NEWS

24×7 Around the Globe

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනපති කොමිසමේ කාලය දීර්ඝ කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පවතින තත්ත්වය හමුවේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය දීර්ඝ කරයි .

ඒ අනුව එහි කාලය මාර්තු මස 20 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණි.

ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතළ අනුව පරීක්ෂණ කොමිශන් සභා පනතේ දෙවන වගන්තියට අනුව ජනාධිපතිවරයා විසින් එම කාලය මාස 06 කින් දීර්ඝ කර තිබේ.

ඊට අදාල ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර ඇත.

ඒ අනුව එම කාලය අවසන් වන්නේ ලබන සැප්තැම්බර් මස 20 වන දිනයි.