FAST NEWS

24×7 Around the Globe

ලියාපදිංචි වීමට පැමිණීම අනවශ්‍ය බව පොලීසිය පවසය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මාර්තු 01ත් 15ත් අතර යුරෝපය ,ඉරානය හෝ දකුණු කොරියාවේ සිට පැමිණි අයට ළඟම පොලිස් ස්ථානයට දුරකතන ඇමතුමක් දී ලියාපදිංචි විය හැකි බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

ළඟම ඇති පොලිස් ස්ථානයේ ලියාපදිංචි වීමේ දී පොලිස්ථානයට පැමිණීමට ‍අවශ්‍ය නොවන අතර, පොලිස්ථානයට දුරකථන ඇමතුමක් ලබා දී ලියාපදිංචි විය හැකි බව සියලු දෙනා වෙත දැනුම් දීමට කටයුතු කළ යුතු බව පොලීසීය පවසයි.