(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මාර්තු 17,18,19 නිවාඩු දින ලෙස රජය ප්‍රකාශයට පත් කරයි.
ඒ අනුව රජයේ සහ පෞද්ගලික අංශයට අද(17) හෙට(18) සහ අනිද්දා(19) යන දිනයන්ද නිවාඩු දින ලෙස ප්‍රකාශ කර තිබේ.
මෙහිදී අත්‍යාවශ්‍ය සේවා,සෞඛ්‍ය ,ආහාර සැපයුම් ,බැංකු ,ප්‍රවාහන ,දිස්ත්‍රික්ක ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හැර අනෙක් රජයේ සංස්තා සහ දෙපාර්තමේන්තු සියල්ලට නිවඩු ලබා දි ඇති බව රජය පවසයි.
පවතින කොරෝනා රෝග තත්ත්වය ගැන සලකා බලා ඉදිරි දින සම්බන්ධයෙන් සලකා බලන බව රජය දැනුම් දෙයි.









