FAST NEWS

24×7 Around the Globe

සියලුම දුම්රිය හා බස් ස්ථානවල අද සිට විශේෂ වැඩපිළිවෙලක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  සියලු දුම්රිය ස්ථානවල, ශ්‍රී  ලංගම බස් රථ හා පෞද්ගලික බස් රථවල මගී ජනතාව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කරගැනීම උදෙසා ඔවුන්ට දෑත් සෝදා ගැනීමේ පහසුකම් සපයන ලෙස ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී ලබාදී තිබේ.  

සියලුම දුම්රිය හා ලංගම බස් රථ අද (16) සිට නිරෝධායනයට ලක් කරන බව ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා (13) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ගත් තීරණයට අනුව මෙම වැඩපිළිවෙළ අද සිට ආරම්භ කරන බවද සභාපතිවරයා පැවසීය.

පොදු ප්‍රවාහන සේවා සියල්ල නිරෝධායනයට ලක්කිරීමට තීරණය වී තිබුණද පෞද්ගලික බස් රථවල එම ක්‍රියාවලිය ආරම්භ කිරීම පිළිබඳ තවමත් වැඩපිළිවෙළක් නැතැයි පෞද්ගලික බස් සංගම් පවසා සිටියි.