FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ කොමිසමේ නිළධාරීන් සහ සෞඛ්‍ය බලධාරීන් අතර අද සාකච්ඡාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ලොව පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝනා වෛරසය මෙරට තුළ ව්‍යාප්තවීමත් සමඟ මහමැතිවරණයට ඉන් බලපෑමක් එල්ලවේද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසන් සභාවේ නිලධාරීන් සහ සෞඛ්‍ය බලධාරීන් අතර සාකච්ඡාවක් අද (16) පැවැත්වීමට නියමිතව ඇත. 

මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුලු ඊට සම්බන්ධ නිලධාරීන් එක්වීමට නියමිතය.

මීට අමතරව මැතිවරණ කොමිසන් සභාවද අද රැස්වීමට නියමිත අතර , අද රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින් මහමැතිවරණයේ ඇප මුදල් හෝ නාමයෝජනා භාරගැනීම සිදු නොකරන බව මැතිවරණ කොමිසම් සභාව දැනුම් දෙයි.