FAST NEWS

24×7 Around the Globe

කොරෝනා රෝග තත්ත්වය හමුවේ ආගමික කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පවතින තත්ත්වය හමුවේ බුද්ධශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ඒ ඉදිරි සති දෙකක කාලය තුළ දේශීය වන්දනා ගමන්, සංචාර හා චාරිකාවන්හි නිරතවීමෙන් වළකින ලෙසයි.

කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය පැතිරීමේ අවදානම හේතුවෙන් මෙම උපදෙස් අනුගමනය කරන ලෙස බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර මහතා ජනතාවට දැනුම් දෙයි.