FAST NEWS

24×7 Around the Globe

හෙට දින රජයේ  නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට  පත් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන හෙට (15) දින රජයේ බැංකු සහ වෙළෙඳ දින නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ.

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම තීරණය ගත් බවයි.

මේ අතර  ඉදිරි සති 2ක කාලයක් ජාතික උද්‍යාන, උද්භිත උද්‍යාන සහ සත්වෝද්‍යාන  මහජනතාවට විවෘත නොකරන අතර පින්නවල අලි අනාථාගාරය, රීදිගම සෆාරි උද්‍යානය යන ආයතන දඊට ඇතුළත් බව පරිසර හා වනජීවි සම්පත් අමාත්‍යාංශය සදහන් කළේය.