FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා යැයි සැක සහිත පුද්ගලයින් ගණන 100 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සෞඛ්‍ය අමාත්‍යංශය පවසන ආකාරයට නව කොරෝනා හෙවත් කොවිඞ්-19 වෛරස රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හමුවේ රෝහල්ගත කෙරුණු 103 දෙනෙකු දිවයිනේ රෝහල් 15 ක ප්‍රතිකාර ලබමින් සිටියි.

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ඉන් 35 දෙනෙකු ප්‍රතිකාර ලබන බවට වාර්තා වේ.

මේ වනවිට ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය ආසාධිත බවට නිශ්චිතව තහවුරු කරගෙන ඇති සංඛ්‍යාව 5 දෙනෙකි.