FAST NEWS

24×7 Around the Globe

බස් රථ සහ දුම්රියවල විෂබීජ හරණයට වැඩපිළිවෙලක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප්‍රවාහන අමාත්‍යාංශය විසින් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මගී ජනතාව ආරක්ෂා කර ගැනිම සදහා කොළඹ කොටුව දුම්රිය ස්ථානයට සහ කොටුව බස්නැවතුම්පළ වෙත පැමිණෙන මගීන්ට දෑත් සෝදා ගැනිමේ පහසුකම ලබාදීමට පියවර ගෙන තිබේ.

අද (14) දිනයේ සිට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් මෙම පහසුකම සපයන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සදහන් කළේය.

ජලය සහ දෑත් සේදිමට ගන්නා ද්‍රව්‍ය නොමිලේ ලබාදීමට කටයුතු කරන අතර වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා මගී ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය බව ප්‍රවාහන අමාත්‍යාංශය පෙන්වා දෙයි.