FAST NEWS

24×7 Around the Globe

සාක් නායකයින්ට අගමැති මෝදිගෙන් ඇරයුමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, කොරෝනා මර්දනය කිරීම සඳහා සාක් නායකයින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ඡා කරමින් තම පුරවැසියන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ සැලසුම් දියත් කළ යුතු බවයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ යෝජනාව ප්‍රසාදයට ලක්කරන  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටින්නේ එම සාකච්ඡාවට තමා ද සූදානම් බවයි.