FAST NEWS

24×7 Around the Globe

අයි.එස්. ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කීරිමට පුටින්ට පාර්ලිමේන්තුවෙන් අනුමැතිය.

සිරියාවේ අයි.එස්. අයි.එස්. සටන්කාමීන්ගේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීමට රුසියානු ව්‍යවස්ථාදායක ජනාධිපති වැලැදිමර් පුටින්ට ඒකමතිකව අනුමැතිය දී තිබේ.

ක්‍රේම්ලීනයේ කාර්යමණ්ඩල ප්‍රධානී සර්ජි එවනොෆ් ප්‍රකාශ කළේ, මේ සඳහා රුසියානු පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව ය.

අයි.එස්. අයි.එස්. සටන්කාමින් මර්දනයට සිරියානු ජනාධිපති බසාර් අල් අසාඩ් රුසියාවෙන් කළ ඉල්ලීමට මෙලෙස සහාය ලබා දී තිබේ.

මේ අනුව ඕනෑම වේලාවක සිරියාවේ ඉලක්ක වෙත රුසියානු ගුවන් ප්‍රහාර එල්ල විය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් මර්දනයට සිරියාවට නව නායකත්වයක් අවශ්‍ය බව අමෙරිකා ජනාධිපති බරැක් ඔබාමා පැවසී ය.

ඔහු සඳහන් කළේ, සිරියාවේ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් පරාජය කළ හැක්කේ, වත්මන් ජනාධිපති බෂාර් අල් අසාද් ධුරයෙන් ඉවත් වුවහොත් පමණක් බව ය.

අමෙරිකා ජනාධිපති බරැක් ඔබාමා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේ, 70 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව ලොව නායකයින් 100 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවති ත්‍රස්ත මර්දන සමුළුව අමතමිනි.