FAST NEWS

24×7 Around the Globe

සියලුම විශ්ව විද්‍යාල හෙට සිට සති දෙකක කාලයක් වසා දැමේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට (14) සිට සති දෙකක කාලයක් සඳහා දිවයිනේ සියලු විශ්ව විද්‍යාල වසා තැබීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව තීරණය කර ඇත. 

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අවම කිරීම සඳහා මෙම පියවර ගත් බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපතිවරයා සඳහන් කර සිටියේය.