FAST NEWS

24×7 Around the Globe

දිවයිනේ සියලු පෙර පාසල්වලටත් නිවාඩු [UPDATE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරස් අවධානම හේතුවෙන් අද (13) සිට දිවයිනේ සියළුම පෙර පාසල් වසා තැබෙන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. 

විෂය භාර ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චිගේ උපදෙස් පරිදි පෙර පාසල් දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කර ගැනීම සඳහා මෙම පියවර ගෙන ඇති බව එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් සියළුම පළාත් ප්‍රධාන ලේකම්වරුන් දැනුවත් කර ඇති අතර, පෙර පාසල් නැවත ආරම්භ කරන දිනය පසුව දැනුම් දෙන බව එහි සඳහන්ව ඇත.


(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  රාජ්‍ය පාසල් නිවාඩුව අනුව බස්නාහිර පළාතේ සියලු පෙරපාසල් ද අප්‍රේල් මස 04 වනදා දක්වා නිවාඩු ලබාදෙන බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

කොරා්නා වෛරස් අවධානම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.