FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ කොමිසම සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසය හේතුවෙන් මතුව ඇති තත්ත්වය පිලිබඳ සෞඛ්‍ය බලධාරීන් සමඟ ලබන 16 වැනිදා සාකච්ඡා කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මැතිවරණයක් කැඳවීමෙන් පසු එය පැවැත්වෙන ආකාරය පිළිබඳව අදාළ අංශ සමඟ සාකච්ඡා සිදුකරන බවයි.

මිට අමතරව, පිළිගත් දේශපාලන පක්ෂ 03ක් සහ ස්වාධීන කණ්ඩායම් 06 ක් නාමයෝජනා භාර දී ඇති අතර මේ මස 19 වනදා දහවල් 12.00 ට නාමයෝජනා භාරදීම අවසන් වීමට නියමිතයි.