FAST NEWS

24×7 Around the Globe

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථයක ගින්නක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සුඛෝපබෝගී බස් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව සහ කොට්ටාව අතර කිලෝමීටර් 3.6 ස්ථානයේදී බස් රථයක් හදිසි ගිනි ගැනීමකට ලක්ව තිබේ. 

අද (13) පෙරවරු 7.00 ට පමණ මාතර දෙසට ඇති මංතීරුවේ ධාවනය වූ බස් රථයක ගින්න හටගෙන ඇති බව පොලිසිය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බලකා ගිනි නිවීමේ ඒකකය විසින් ගින්න සම්පූර්ණයෙන් මැඩ පවත්වා ඇත.

ගින්න හේතුවෙන් ජීවිත හානි තුවාල කිසිවක් සිදුව නොමැති අතර, පසුගිය මාර්තු 01 වැනිදා ද දක්ෂිණ අධිවේගී මාර්ගයේදී ලංගම බස් රථයක ගින්නක් හටගත්හ.