FAST NEWS

24×7 Around the Globe

පොලීසියේ ජ්‍යෙෂ්ඨයන් 9කට මාරුවීම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 9 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

ජාතික පොලිස් කොමිසමේ සහ මැතිවරණ කොමිසමේ අනුමැතිය අනුව ඔවුන්ට අමතර රාජකාරී පැවරීම් ද ලබාදුන් බව පොලිස් මූලස්ථානය නිවේදනය කළේය.

මෙම පිරිසට නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු, පොලිස් අධිකාරීවරුන් 3 දෙනෙකු සහ සහකාර පොලිස් අධිකාරීවරුන් 4 දෙනෙකු ඇතුලත් වෙයි.