FAST NEWS

24×7 Around the Globe

විජිත් විජයමුනි ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් පක්ෂයෙන් නෙරපයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුනි සොයිසා ඇතුළු ප්‍රදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නෙරපා හැරීමට පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

ඒ පක්ෂ විනය කඩ කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පැවති විනය පරීක්ෂණයට අදාළව අද පැවති මධ්‍යම කාරක සභාවේදී ගන්නා ලද තීරණයකට අනුවයි.