FAST NEWS

24×7 Around the Globe

ස්වාධීන කණ්ඩායම් 86 ක් ඇප මුදල් තැන්පත් කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මහ මැතිවරණයට අදාළව ස්වාධීන කණ්ඩායම් 86 ක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර තිබේ. 

ඊයේ (11) දිනය තුල පමණක් ඇප තැන්පත් 27 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

මේ වන විට වැඩිම ස්වාධීන කණ්ඩායම් සංඛ්‍යාවක් ඇප මුදල් තැන්පත් කර ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 14 ක්.

කෙසේ වෙතත් පොළොන්නරුව දිස්ත්‍රික්කයට කිසිදු ස්වාධීන කණ්ඩායමක් ඇප තැන්පත් කර නොමැත.