FAST NEWS

24×7 Around the Globe

නාම යෝජනා බාර ගන්නා කාලය තුළ විශේෂ ආරක්ෂාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විශේෂ පොලිස් ආරක්ෂාවක් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා බාර ගන්නා කාලය තුළ ලබා දීමට කටයුතු කර තිබේ.

අද(12) සිට එළඹෙන 2020.03.19 වන දින දහවල් 12 දක්වා දිවයිනේ පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාල 22 ක දී 2020.04.25 වන දින පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා සිදු කිරීමට නියමිතයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් එම නාම යෝජනා බර ගන්නා ස්ථානයන් හි මහජනයා හැසිරවීමට , රථ වාහන පාලනයට විශේෂ ආරක්ෂක වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මැතිවරණ නීති උල්ලංඝනය කරනු ලබන පුද්ගලයින් සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමටත් වැඩබලන පොලිස්පති වරයා විසින් කොට්ඨාස බාර නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇතැයි ද එම නිවේදනයේ දැක්වෙයි.