FAST NEWS

24×7 Around the Globe

සේයා නඩුවේ සැකකාර එක්දරු පියාට හා සිසුවාට පහර දීලා.

කොටදෙනියාව සේයා සදෙව්මි දැරිය පැහැරගෙන ගොස් අතවර කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොටදෙනියාව පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඞ් බාරයේ සිටින එක්දරු පියා හා 17 හැවිරිදි සිසුවා අද (30දා) බන්ධනාගාරය විසින් මීගමුව මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි එම්.එන් රහුල් හක් මහතා වෙත ඉදිරිපත් කරනු ලැබීය.

මෙම සැකකරුවන්ට පොලිස් අත්අඩංගුවේ සිටියදී පහරදීමකට ලක්වූ බවට සැකකරුවන්ගේ නීීතිඥයන් පසුගිය 28 වැනිදා අධිකරණයේදී සැලකිරීම නිසා මිනුවන්ගොඩ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ඞී.ඒ.රුවන් පතිරණ මහතා සැකකරුවන්ව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට ඉදිරිපත් කර වාර්තාවක් ලබා ගන්නා ලෙස නියෝග කර කළේය.

මේ අතර සේයා දැරියගේ ඝාතනට සම්බන්ධයෙන් ලබාගත් ඩී.එන්.ඒ. පිළිබද සීල්කළ වාර්තාවද අද (30 දා) පොලීසිය විසින් මිනුවන්ගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. මෙම සිද්ධිය පිලිබද නඩුව ලබන 2 වැනිදා කැදවීමට නියමිත අතර එදින මෙම වාර්තාව විවෘත කිරීමට නියමිතය.