FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාදනය වූ ශ්‍රී ලාංකිකයා කොළඹ පදිංචිකරුවෙක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසය ආසාදනයවී දැනට කොළඹ අයි ඩී එච් රෝහලට ඇතුලත් කරන සිටින ශ්‍රී ලාංකිකයා කොළඹ දිස්ත්‍රීක්කයේ පදිංචිකරුවෙක් බව සෞඛ්‍ය අමාත්‍යංශය අද (11) අනාවරණ කළේය. 

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ ඔහුගේ පවුලේ සමීපතමයන් නිවසේදීම වෙන් වෙන්ව නිරෝධායනයට ලක් කළ බවයි.

එම පුද්ගලයා පසුගිය දින වලදී ගැවසුණු ස්ථාන සහ ආශ්‍රය කළ පිරිස් පිළිබඳ සොයාබලා අවශ්‍ය පියවර ගැනීම ආරම්භ කර ඇති බව ද අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.