ජිනීවා මානව හිමිකම් කවුන්සලයට ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාවට අදාළ විවාදයක් අද පැවැත්වෙයි.
ඉන් අනතුරුව ඡන්ද විමසීමක් ද පැවැත්වෙනු ඇතැයි ජිනීවා වාර්තාවල සඳහන්ය.
එසේ වුවහොත් එම ඡන්ද විමසීම ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරුවේ සිදුවනු ඇත.
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිසංධානය සහ සංහිඳියාව ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් අමෙරිකාව විසින් පසුගියදා යෝජනාවක් සභාගත කරන ලදී.
ඊට සම අනුග‍්‍රාහකත්වය සැපයීමට ශ‍්‍රී ලංකාව ද සුදානම් බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළ අතර බ්‍රිතාන්‍ය මෙන්ම ඔස්ට්‍රේලියාවද ඊට ප්‍රශංසා පළ කර තිබිණ.
ඒ අනූව තවත් රටවල් කිහිපයක් ද මෙම යෝජනාවට සම අනුග‍්‍රාහකත්වය සපයන බව මේවන විටත් ප‍්‍රකාශකර ඇත.
එබැවින් ඡන්ද විමසීමක් පැවැත්වුවහොත් බොහෝ විට එකඟතාවයක් මත ඒකඡන්දයෙන් මෙම යෝජනාව සම්මත වනු ඇති බවට අනාවැකි පළවෙයි.
ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වු අමෙරිකානු යෝජනාව ගැන මුලික දැනුවත් කිරීමේ සාකච්ඡා වට කිහිපයක් ද පසුගිය දිනවල මානව හිමිකම් කවුන්සිලයේදී පැවැත්විණ.







